Maidstone හි Arcare aged care මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 02 ක්

මෙල්බර්න් Maidstone හි Arcare Aged care මධ්‍යස්ථානයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 03 දක්වා ඉහළ ගොස් තිබේ.

පළමුවෙන් මෙහි සිටි සේවිකාවකට වෛරසය ආසාධනය වී තිබූ අතර ඇයට එය වැළඳුනේ කෙසේදැයි යන්න මේ දක්වා තහවුරු කරගෙන නැහැ.

අද නිවේදනයක් නිකුත් කල Arcare මධ්‍යස්ථානය සඳහන් කලේ තවත් සේවකයෙකුට සහ නේවාසිකව සිටින අයෙකු වෛරස ආසාධිතයන් ලෙස ඊයේ දිනයේදී හඳුනාගත් බවයි.

ඔවුන් දෙදෙනා මේ දක්වා කොවිඩ් එන්නතක් ලබාගෙන නොමැති බවද තහවුරු වී තිබේ.

මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින 76 දෙනෙකු අතුරින් 53 දෙනෙකුට මේ දක්වා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බවද සඳහන්.

සෙසු පිරිසට අද දිනයේදී පළමු මාත්‍රාවද, පළමු මාත්‍රාව ගත් පිරිසට අද දිනයේදී දෙවන මාත්‍රාවද ලබාදීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »