ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සුදානම්

ඉතාම නුදුරේදී ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සුදානම් වෙයි.

ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී විසින් ඊට අදාල සැලසුමට අත්සන් තබා ඇති අතර එය ෆෙඩරල් රජයේ අනුමැතිය සඳහා යොමුකර ඇත.

ඇඩිලේඩ් නගරයේ පිහිටා ඇති විශ්ව විද්‍යාල රැසක්ම මීට කැමැත්ත පළකොට තිබේ.

මේ අනුව දකුණු ඔස්ටේ‍රලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සති 02 ක් ඇඩිලේඩ් උතුරේ පිහිටා ඇති Parafield ගුවන් තොටුපලේ නිරෝධායනය විය යුතුය.

2019 වසරේදී ජාත්‍යන්තර සිසුන්ගෙන් ඩොලර් බිලියන 40 ක ආදායමක් ඉපැයූ ඔස්ටේ්‍රලියාවට පසුගිය වසරේදී ලැබී ඇත්තේ ඩොලර් බිලියන 09 ක් පමණි.

කෙසේවෙතත් 2022 වසර තෙක් දේශසීමා විවෘත නොකරන බව අගමැති ස්කොට් මොරිසන් ප්‍රමුඛ රජය දිගින් දිගටම අවධාරණය කලේය.

 

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »