වික්ටෝරියා ප්‍රාන්තයේ 14,000 කට වැඩි පිරිසක් නිරෝධායනයට

දින 07 ක සංචරණ සීමා පැණවීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වනවිට පුද්ගලයන් 14,000 කට වැඩි පිරිසක් නිරෝධායනයට ලක්ව සිටිති.

ඒ ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අවධානම් ස්ථාන ලෙස නම්කර ඇති ස්ථාන 150 කට අධික සංඛ්‍යාවක ඔවුන් අදාළ කාලසීමාවන් තුළ ගත කර තිබීම හේතුවෙනි.

වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton සඳහන් කොට සිටියේ මේ වනවිට ප්‍රාන්තයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සියලුම දෙනා හට වෛරසය සම්ප්‍රේෂණය වූ අයුරු හඳුනාගෙන ඇති අතර එක් කොරෝනා වෛරස දාමයක් පමණක් සම්බන්ධයෙන් තවමත් සැක සහිත බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ වනවිට සිදුවෙමින් පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය සඳහා සිය ප්‍රාන්තයේ නිරෝධායන හෝටලයකදී සිදු වූ වෛරස සම්ප්‍රේෂණයක් හේතු වී ඇති බව දකුණු ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසයි.

දකුණු ඕස්ට්‍රේලියානු බලධාරීන් සඳහන් කොට සිටින්නේ මෙම පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණි තවත් පුද්ගලයකුගේ යාබද කාමරයක නිරෝධායනය වෙමින් සිට ඇති අතර එම කාලය අතරතුරදී මෙම වෛරස සම්ප්‍රේෂණය වී ඇති බවට පරීක්ෂණ ඔස්සේ නිගමනය කල බවයි.

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »