මෙල්බර්න් ආසාධිතයන් සියලුදෙනාට වැළඳී ඇත්තේ ඉන්දීය ප්‍රභේදයයි

ගතවූ දින 03 ක කාලය තුළ මෙල්බර්න් නුවරින් හමුවූ ආසාධිතයන් 26 දෙනාම සතුව තිබී ඇත්තේ ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය කොවිඩ් ප්‍රභේදය බවටයි තහවුරු වී ඇත්තේ.

කොවිඩ් වසංගතය ආරම්භවූ සමයේ පැතිර ගිය වෛරස් ප්‍රභේදය එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැතිරීමට දින 05 ත් 06 ත් අතර කාලයක් ගියද ඉන්දීය ප්‍රභේදය තවත් අයෙකුට ආසාධනයවීමට ගතවනුයේ පැය 24 ක් වැනි කෙටි කාලයක් පමණයි.

මෙම ආසාධිතයන් අතුරින් එක් අයෙකු වයස 70 ට වැඩි අයෙකු වන අතර ඔහු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය පැය 24 ක කාලය තුලදී සිදු කල පරීක්ෂණ 40,000 කින් පමණ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතුරින් නව කොරෝනා ආසාදිතයින් හඳුනාගෙන ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයේ උද්ගතව ඇති කොරෝනා වෛරස අවදානම් තත්වය මත ප්‍රාන්තය තුල හදිසි Lockdown තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගත්තේය.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »