වික්ටෝරියා Lockdown කාලසීමාව තුළ JobKeeper දීමනා නැවත ආරම්භ කරන්නැයි ඉල්ලීමක්

වික්ටෝරියා Lockdown කාලසීමාව තුළ JobKeeper දීමනා ලබාදීම නැවත ආරම්භ කරන්නැයි වෘත්තීය සමිති ඔස්ටේ්‍රලියා මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී.

රජයේ මූල්‍ය ප්‍රදානයක් නොමැතිව පවතින තත්වයෙන් ගොඩ ඒමට නොහැකි බවයි ACTU සභාපතිනී Michele O’Neil පෙන්වා දෙන්නේ.

Lockdown තත්වයකට යාමට සිදුවූයේ අගමැති ස්කොට් මොරිසන්ගේ රජයේ දුර්වල පිළිවෙත හේතුවෙන් බවටද ඇය චෝදනා කරනවා.

“ජොබ්කීපර් ඉක්මනින් අවසන් කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණය කිසිසේත් පිළිගත නොහැකියි. ජනතාවට රැකියා අහිමිවන තැන ජොබ් කීපර් නැවත ස්ථාපනය කළ යුතුයි” ACTU සභාපතිනී Michele O’Neil  පෙන්වා දෙනවා.

ව්‍යාපාර සහ සේවකයින්ට සහාය දැක්වීම සඳහා ෆෙඩරල් රජය විසින් අරමුදල් සපයන ලද JobKeeper වැඩසටහන මාර්තු අග දී අවසන් විය.

එබැවින් ආගන්තුක සත්කාර (hospitality) වැනි ක්ෂේත්‍රවල සේවය කරන බොහෝ වික්ටෝරියා ප්‍රාන්ත වාසීන් වැටුප් රහිත සතියක් අපේක්ෂාවෙන් සිටිති.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »