ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නොහැකිව ජාත්‍යන්තර සිසුන්ගෙන් 93% ක් මානසික පීඩාවල

කොවිඩ් තත්වය හමුවේ උසස් අධ්‍යාපනය සඳහා ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නොහැකිව සිටින ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 93 ක් පමණ විවිධ මානසික පීඩාවලට ලක්වී ඇතැයි අධ්‍යයනයක් හෙළි කර තිබේ.

සියයට 36 ක් පමණ වෙනත් රටක අධ්‍යාපනය හැදෑරීමට කැමැත්තෙන් පසුවන බවද මෙහිදී හෙළිවී ඇත.

ජාත්‍යන්තර සිසුන් 600 ක් පමණ යොදාගෙනයි පසුගිය මාර්තු මාසයේදී මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ.

ඇතැම් විශ්ව විද්‍යාල Online ක්‍රමයට පාඨමාලා පැවැත්වුවද කාල පරාස (Time Zone) වෙනස්වීම / තාක්ෂණික ගැටලු ආදී ප්‍රශ්න හමුවේ එම ක්‍රමය අසාර්ථක බව සිසුන් සැළකිය යුතු පිරිසක් ප්‍රකාශ කර තිබේ.

ශිෂ්‍ය වීසා ලැබ මුල් වරට ඔස්ටේ‍රලියාවට පැමිණීමට නොහැකිව සිටින සිසුන් මෙන්ම කොවිඩ් තත්වය හමුවේ සිය මව්රටවල් බලා ගිය පිරිස්ද මේ අතර වනවා.

පසුගිය සතියේදී ඔස්ටේ‍රලියා රජය අවධාරණය කලේ 2022 වසර වන තෙක් දේශ සීමා විවෘත කිරීමට අපේක්ෂාවක් නොමැති බවයි.

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »