Hospitality සහ Tourism රැකියා බලපත්‍රලාභීන්ට 408 COVID-19 වීසා කාණ්ඩය යටතේ අයදුම් කිරීමට වරම්

Hospitality සහ tourism ක්ෂේත්‍රවල රැකියාවල නිරතවීමට අපේක්ෂා කරන බලපත්‍රලාභීන්ට 408 COVID-19 වීසා කාණ්ඩය යටතේ අයදුම් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඔවුන්ගේ දැනට පවතින වීසා බලපත්‍රය කල් ඉකුත්වීමට දින 90 කට පෙර ඒ සඳහා ඉල්ලුම් කල යුතු අතර මේ අනුව තවත් වසරක කාලයක් ඔස්ටේ්‍රලියාවේ රැඳී සිටීමටද ඔවුන්ට අවස්ථාව උදා වනවා.

Hospitality සහ tourism ක්ෂේත්‍ර නගා සිටුවීමේ අරමුණ ඇතිවයි රජය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

සංක්‍රමණ අමාත්‍ය Alex Hawke පෙන්වා දෙන්නේ කොවිඩ් තත්වය හමුවේ දැනට අඩාලව පවතින මෙම ක්ෂේත්‍ර කඩිනමින් යථා තත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව මෙම යෝජනාව ක්‍රියාවට නංවන බවයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »