Hospitality සහ Tourism අර්ධකාලීන රැකියාවල නිරත ජාත්‍යන්තර සිසුන්ට පැය 20 සීමාව ඉවතට

ආගන්තුක සත්කාර (Hospitality) සහ සංචාරක (Tourism) ක්ෂේත්‍රයේ අර්ධකාලීන (Part time) රැකියාවල නිරත වන ජාත්‍යන්තර සිසුන්ට ඉදිරි අයවැයෙන් සුභදායක ආරංචියක් අසන්නට ලැබෙන බවට වාර්තා වනවා.

එනම් ඔවුන්ට රැකියාවල නිරතවීමට දැනට ඇති සතියකට පැය 20 නොඑසේනම් සති 02 කට පැය 40 ක් යන සීමාව අයවැයෙන් ඉවත් කෙරෙන බවට ඉගි පළවීමයි.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ අධ්‍යාපනය හදාරන සිසුන් ලක්ෂ 03 කට පමණ මෙමගින් වරප්‍රසාද හිමිවනු ඇති.

Hospitality සහ tourism ක්ෂේත්‍ර නගා සිටුවීමේ අරමුණ ඇතිවයි රජය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

සංක්‍රමණ අමාත්‍ය Alex Hawke පෙන්වා දෙන්නේ කොවිඩ් තත්වය හමුවේ දැනට අඩාලව පවතින මෙම ක්ෂේත්‍ර කඩිනමින් යථා තත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව මෙම යෝජනාව ක්‍රියාවට නංවන බවයි.

මෑතකදී සිදුකල සමීක්ෂණයකින් හෙළිවුයේ ඔස්ටේ්‍රලියාවේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 60 ක් පමණ කොවිඩ් තත්වය හමුවේ අර්ධ කාලීන රැකියා ගැටලුවලට මුහුණ පා ඇති බවයි.

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »