ඉන්දියාවේ සිටින ඔස්ටේ්‍රලියානුවන් 900 ක් ලබන 15 දා රටට ගෙන එයි

දැනට ඉන්දියාවේ සිරවී සිටින ඔස්ටේ‍රලියානුවන් ගෙන්වා ගැනීම් ගුවන් වාර ලබන 15 වනදා සිට ආරම්භ කරන බව ඔස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.

පළමුවෙන් ගුවන් යානා 03 කින් 900 දෙනෙකු ගෙන්වා ගැනෙන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා කියාසිටියේ.

වඩාත් අවධානම් කාණ්ඩයේ සිටින පිරිසක් ඊට අයත්.

ඔවුන් රටට ගෙන ඒමෙන් පසු Northern Territory පිහිටා ඇති Howard Springs නිරෝධායන මධ්‍යස්ථානය කරා ගෙන යාමට නියමිතයි.

ඔස්ටේ්‍රලියානුවන් 9000 කට ආසන්න පිරිසක් දැනට ඉන්දියාව තුළ සිරවී සිටින්නේ එරටින් ගුවන් යානා ගෙන්වීම ලබන 15 වනදා දක්වා තහණම් කිරීමට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින් දැඩි තීන්දුවක් ගැනීම හේතුවෙනුයි.

එහෙත් එය පාර්ශව දැඩි දෝෂ දර්ශනයට ලක්වු අතර අධිකරණය හමුවේ අභියෝගයට පවා ලක් කෙරුණා.

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »