ඔස්ටේ්‍රලියානුවන්ගේ රට සවාරි බලාපොරොත්තු තවත් ඈතට යන ළකුණු

විදෙස් සංචාරකයන් වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා වසා තැබීම ලබන වසර තුළදීද එලෙසින්ම පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.

ලොව පුරා රටවල් රැසක කොවිඩ් තත්වය දිනෙන් දිනම දරුණු අතට පත්වීමයි ඊට හේතුව වන්නේ.

මුදල් අමාත්‍ය සයිමන් බර්මින්හැම් පැවසුවේ දේශ සීමා වසා තැබිය යුතුය යන්න මහජනතාවගේද මතය වන බවයි.

මේ අනුව විදෙස් සංචාරවල නිරතවීමේ ඔස්ටේ්‍රලියානුවන්ගේ බලාපොරොත්තුද තවත් වසරකින් පමණ ඈතට දිවෙනු ඇති.

මේ අතර එන්නත්කරණය කඩිනමින් ප්‍රගතියක් අත්කරගත හොත් විදෙස් සංචාර සංකල්පය ඉක්මණින් යථාර්ථයක් වනු ඇති බවද මුදල් අමාත්‍යවරයා කියාසිටියා.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »