ලබන 15 වනදා සිට යළිත් ඉන්දියාවෙන් ගුවන් යානා

ඉන්දියාවෙන් ගුවන් යානා ගෙන්වා ගැනීමේ තහණම ලබන 15 වනදා නිමාවකට පත් කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ඒ අනුව දැනට එරට සිරවී සිටින ඔස්ටේ‍රලියානුවන් 9000 ක් හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි අගමැතිවරයා කියාසිටියේ.

අයි පී එල් තරගාවලියට ගොස් සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුලු විශාල පිරිසක් රටට ගෙන්වා නොගැනීම සම්බන්ධයෙන් මොරිසන් රජය මේ වනවිට දැඩි දෝෂාරෝපණයට ලක්වී සිටිනවා.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා සඳහන් කලේ සියලු ඔස්ටේ්‍රලියානුවන්ගේ ආරක්ෂාව පතා තමන් එම පියවර ගත් බවයි.

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »