නවසීලන්ත – පර්ත් ගුවන් ගමන් යළි නවතී / සිඩ්නි ගුවන් තොටේ අලුයම සිට විශේෂ පරීක්ෂා

බටහිර ඔස්ටේ්‍රලියාව සමග වන අන්තර් ටස්මේනියානු සංචාරක බුබුළ නැවතත් තාවකාලිකව අත්හිටුවීමට නවසීලන්තය පියවර ගෙන තිබේ.

ඒ පර්ත් තගරයෙන් කොවිඩ් ආසාධිතයන් 03 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

මේ අනුව නිරෝධානයකින් තොරව සිදුකල සංචාරක බුබුළ අත්හිටුවනු ඇති.

“බටහිර ඕස්ට්‍රේලියාවේ සිට නවසීලන්තයට නියමිත සෘජු ගුවන් ගමන් වහාම නවතා දැමිය යුතු අතර වැඩිදුර තක්සේරුවක් හා ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය නිලධාරීන්ගේ තොරතුරු ඇතුළුව වැඩිදුර තක්සේරුවක් සිදු කළ යුතුය.” නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනයක සඳහන් විය.

පසුගිය දින හතර තුළ පර්ත් සිට පැමිණි ඕනෑම කෙනෙකුට COVID පරීක්ෂා කර බැලීමට නවසීලන්ත රජය උපදෙස් දෙයි.

ඉරිදා අලුයම 5.30 සිට සිඩ්නි ගුවන්තොටුපළ වෙත පරීක්ෂණ කණ්ඩායම් යොදවනු ලබන අතර, සියලුම සංචාරකයින් NSW වෙත ඇතුළුවීමට දින 14 ක් ඇතුළත බටහිර ඔස්ටේ්‍රලියාව හි සිට ඇත්නම් විශේෂ ප්‍රකාශයක් දිය යුතුය.

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »