ඔස්ටේ්‍රලියාවේ මීලග අයවැයෙන් බීර මිළ පහළට

කුඩා හා මධ්‍ය පරිමාණ බීර නිෂ්පාදකයන්ට ලබන අයවැයෙන් ඩොලර් 250000 ක බදු සහනයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

මේ අනුව නිෂ්පාදන කටයුතුවල ඉහළ යාමක් මෙන්ම බීර මිළ ගණන්වල පහළයාමක්ද අපේක්ෂා කෙරේ.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ කුඩා හා මධ්‍ය පරිමාණ මත්පැන් නිෂ්පාදන ආයතන 1000 කට ආසන්න සංඛ්‍යාවක් පවතී.

ඉන් බහුතරය නාගරික ප්‍රදේශවලින් බැහැරව පවත්වාගෙන යන ඒවා වන අතර රජයේ නව තීරණයත් සමග එම සේවකයන් 15000 කට පමණ ප්‍රතිලාභ අත්වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

මේ අනුව ලබන ජූලි 01 දා සිට කුඩා පරිමාණ මත්පැන් නිෂ්පාදකයන්ට ඔවුන් වාර්ෂිකව ගෙවන ඩොලර් 350 000 ක පමණ බදු මුදල නැවත ලබා ගැනීමට හැකිවේ.

ලොව බීර බදු අතුරින් 04 වන ස්ථානයට වැඩිම බද්දක් අය කෙරෙන්නේ ඔස්ටේ්‍රලියාව තුළයි.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »