සිඩ්නි අපජලයේ දින 02 ක් තුළ 03 වන ස්ථානයෙන්ද COVID වෛරස් කොටස් හමුවේ

දින 02 ක් තුළ 03 වන අපජල පද්ධතියකින්ද COVID වෛරසයේ කොටස් අනාවරණය වීමෙන් පසුව නිව් සවුත් වේල්ස් හි COVID-19 පැතිර යාම හඳුනාගත නොහැකි මට්ටමකට පත්වනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.

Burwood Beach Treatment Plant හි අහඹු ලෙස ගත් අප ජල සාම්පලයකින්ද වෛරස් කොටස් හමුවී තිබේ.

Newcastle සහ තදාසන්න ප්‍රදේශ වන Dudley, Charlestown, Jesmond, Lambton, New Lambton, Mayfield, Elermore Vale, Wallsend, Kotara, Garden Suburb, Adamstown Heights, Kahibah, Highfields, Merewether, Waratah West, Georgetown, Carrington යන ප්‍රදේශවල 225,000 ක පමණ අයත්වන කලාපයක අප ජලය මෙම ස්ථානයට එක් රැස්වේ.

සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ Allambie Heights සහ NSW දකුණු වෙරළ තීරයේ Merimbula ජල පෝෂකයේ සාම්පල පිළිවෙලින් අප්‍රේල් 22 සහ අප්‍රේල් 21 යන දිනවල ගන්නා ලදී.

ප්‍රාන්තයේ වෛරසය වැළඳී ඇති පුද්ගලයින් 87 දෙනෙකු සිටී.

එක් පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයේ බරපතල ලෙස රෝගාතුරව සිටින අතර ඔහු ventilator මත සිටී.

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »