චීනය ඕස්ට්‍රේලියාව සමග ඇවිලෙයි

එක් තීරයක් එක් මාවතක් හෙවත් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂියේටිව් වැඩසටහ⁣න යටතේ එළඹි ගිවිසුමක් අහෝසි කිරීමට ඕස්ට්‍රේලියාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් චීනය සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ චීන තානාපති කාර්යාලය සදහන් කර ඇත්තේ මෙම ක්‍රියාව කුපිතකරවන සුලු සහ අසාධාරණ එකක් බවයි.

මෙමගින් ඕස්ට්‍රේලියාව තමන් සමග හොද සබදතාවයක් පවත්වාගනයාමට සූදානම් නැති බව පෙන්වා දී ඇතැයි සදහන් කරන චීනය එය අහිතකර ප්‍රතිඵල උදාකරනු ඇති බවටද අනතුරැ අගවා තිබෙනවා.

ඕ[lock][/lock]ස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය සහ චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිසම අතර එක් තීරයක් එක් මාවතක් වැඩ සටහන යටතේ 2018 සහ 2019 වර්ෂවල ඇති කරගෙන තිබූ ගිවිසුමක් අහෝසි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කිරීම චීනයේ මෙම විරෝධයට හේතුවී ඇත.

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් මේ අවස්ථාව මගහරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් Clyde North අවට ජනතාවට දුරකථන සංඥා ගැන පොරොන්දුවක්

වසර ගණනාවක සිට දුර්වල ජංගම දුරකථන සංඥා හේතුවෙන් අපහසුතාවන්ට පත්ව සිටි මෙල්බන් අවට ජනතාවට දුරකථන කුළුණක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න වීසා ගන්න බලාගෙන ඉන්න අයට උපදෙසක්

ඔස්ට්‍රේලියානුවන්ට මාර්ගගත වීසා වංචාවලින් ප්‍රවේශම් වන ලෙස උපදෙස් මාලාවක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

Read More »

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »