ඕස්ට්‍රේලියානු ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිමට සාකච්ඡා

ඕස්ට්‍රේලියානු ආයෝජකයින්ට, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

සිඩ්නි හි ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා හා ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා වාණිජ මණ්ඩලය සමඟ ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ ව්ශ්වවිද්‍යලයේ දී පැවැති රැස්වීමකදී මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

කොන්සල් ජනරාල්වරයා කියා සිටියේ, වෙනත් ක්‍රියාකාරකම් හැරුණු විට ඔහු ඕස්ට්‍රේලියාවෙන් ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම කෙරෙහි පෞද්ගලිකව අවධානය යොමු කරන බවත්, අනාගත ආයෝජකයින් සඳහා ඔහුගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය.

සිඩ්නි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සමඟ කටයුතු කරන ලෙසත්, මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිවැරදි පාර්ශ්ව හා බලධාරීන් සමඟ සම්බන්ධ වන ලෙසත් ඔහු ඕස්ට්‍රේලියානු ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මෙරට තුළ වැඩ කිරීමේ අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නිමැවුම් සඳහා විවිධ තීරුබදු සහන යටතේ විදේශ වෙළෙඳපොළවල පවතින වෙළඳපොළ අවස්ථා පිළිබඳව සාකච්ජා කළේය.

ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (QUT) ආර්ථික විද්‍යා හා මූල්‍ය පාසලේ අන්තර්ජාතිකකරණයේ භාවිතය පිළිබඳ මහාචාර්ය ඇන්ඩෲ පැල්ට්‍රිජ් මහතා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »