ඔස්ටේ‍රලියාවේ ස්ත්‍රී – පුරුෂ වැටුප් පරතරය වැඩිම ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වෙයි

ඔස්ටේ‍රලියාවේ ස්ත්‍රී – පුරුෂ දෙකොට්ඨාශය අතර වැටුප් පරතරය වැඩිම ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වී තිබෙනවා.

2020 Gender Equality වාර්තාවට අනුව එහි පුරුෂයෙකු සතියකට $1753.70 උපයන විට කාන්තාවක ලබා ඇත්තේ $1485.10 ක්.

සමස්ත රටම සැළකීමේදී ස්ත්‍රී – පුරුෂ වැටුප් පරතරය සියයට 14 ක් වන අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ එය සියයට 15.3 ක් වැනි ඉහළ අගයක පවතිනවා.

කෙසේවෙතත් ප්‍රාන්ත පරිපාලන මණ්ඩලයේ සියයට 54 ක්ම කාන්තාවන් වනවා.

මෙම තත්වය පිළිබඳව ක්වීන්ස්ලන්ඩ් ආණ්ඩුකාර Annastacia Palaszczuk ට්විටර් සටහනක් ද තබා තිබුණා.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »