පාස්කු ප්‍රහාරයට හෙටට වසර 02 යි – කාදිනල් හිමිගෙන් විශේෂ ඉල්ලීමක්

හෙටට යෙදී ඇති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් අද පස්වරු 04 ට ආරම්භ වනවා.

එය හෙට දහවල් 12 දක්වා පැවැත්වෙනු ඇති.

අද සහ හෙට දිනවලදී සියලුම කතෝලික දේවස්ථානවලට උපරිම ආරක්ෂාවක් සළසා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

එමෙන්ම හෙට පෙරවරු 08 යි 45 ට විනාඩි 02 ක නිහඩතාවයක් අනුගමනය කරන ලෙසයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේ.

දිවයිනේ සියලු කතෝලික පාසල් සඳහා හෙට නිවාඩු ද ලබා දී තිබෙනවා.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »