Extra leg room වෙනුවෙන් Qantas ඩොලර් බිලියනයක් අය කරන්න යයි

Extra leg room පහසුකම වෙනුවෙන් ක්වන්ටාස් ගුවන් සේවය විසින් ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අය කිරීමට සූදානම්වීමේ පුවත් වාර්තා වනවා.

මෙම අත්දැකීමට මුහුණපා ඇත්තේ මෙල්බර්න් හි සිටින විකට නලුවෙකු වන Dave O’Neil.

ඔහු විසින් අන්තර්ජාලය ඔස්සේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් වෙන් කරවා ගැනීමට යාමේදී මෙලෙස අය කිරීමක් සිදුකෙරන බවට දැනුම් දී ඇති බවයි ට්විටර් සටහනක දක්වා තිබුණේ.

මේ සඳහා ඇතැමුන් උපහාසාත්මක සටහන්ද යොදා තිබුණා.

ඇතැමෙකු විමසා තිබුණේ “ඔබ ආසනයක් වෙනුවට මුලු ගුවන් යානයක්ම මිළයට ගැනීමට යනවාද” යන්නයි.

සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ක්වන්ටාස් ගුවන් සේවය තහවුරු කලා.

Dave O’Neil ගෙන් අය කර ඇත්තේ ඩොලර් 70 ක් පමණක් බවයි ඔවුන් අවධාරණය කලේ.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »