ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් එන්නත්කරණය අධීක්ෂණයට ආරක්ෂක අංශ

ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල අධීක්ෂණයට ආරක්ෂක අංශ අනුයුක්ත කර තිබෙනවා.

නාවික හමුදා කොමදෝරු Eric Young එහි ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ වැඩසටහනේ සැපයුම් සහ බෙදාහැරීම් පිළිබඳ සම්බන්ධීකරණය සඳහායි.

මේ අතර රට තුළ කොවිඩ් එන්නත්කරණය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අනිද්දා එනම් සඳුදා දිනයේදී කැඳවා තිබෙනවා.

අප්‍රේල් ආරම්භය වනවිට ලක්ෂ 40 ක් එන්නත් කිරීමේ ඉලක්කය ලක්ෂ 14 ක් වැනි අඩු අගයක පැවතීම කෙරෙහි එහිදී අවධානය යොමු කෙරෙනු ඇති.

මින් ඉදිරියට සතියට දෙවරක් රැස්වී කොවිඩ් එන්නත්කරණය සමාලෝචනය කිරීමටයි අගමැති ස්කොට් මොරිසන් ගේ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »