කොවිඩ් නිසා වැටුණු ඔස්ටේ්‍රලියාවේ සිනමා කර්මාන්තයට සුභ පණිවිඩයක්

කොවිඩ් වසංගත තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාවේ සිනමා කර්මාන්තය සඳහා දී තිබූ සහන තවත් මාස 06 කින් දීර්ඝ කර තිබෙනවා.

සන්නිවේදන අමාත්‍ය Paul Fletcher පැවසුවේ ඩොලර් මිලියන 50 ක හදිසි ණය අරමුදල යටතේ වන සහන ද එහිදී දීර්ඝ කර ඇති බවයි.

එමෙන්ම මෙම කාලසීමාවේදී රූගත කර මෙතෙක් තිරගත කර නොමැති චිත්‍රපටවලින් අය කෙරෙන බදු ප්‍රමාණය කප්පාදු කිරීමේ තීරණයද ඒ යටතේ දීර්ඝ කෙරෙනු ඇති.

කොවිඩ් තත්වය ක්‍රම ක්‍රමයෙන් යහපත් අතට පත්වීමත් සමග විවෘත ප්‍රසංග සඳහා පණවා ඇති සීමා ලිහිල් කිරීමටද රජය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »