කොරෝනා නිසා හෝටලයක සිරවි ඩොලර් මිලියන 63 ක් උපයා ගිනස් වාර්තාවකුත් තබයි

ලොව විශාලතම කැන්වසයෙන් ඇඳි සිතුවම ඩොලර් මිලියන ගණනකට ඩුබායිහිදී වෙන්දේසි වී තිබුණි.

මෙය ජීවමාන කලාකරුවෙක් විසින් වෙන්දේසියකදී විකුණන ලද පළමු මිල අධිකම සිතුවම ලෙසත් ගිනස් ලෝක වාර්තාවක් තැබිය.

බ්‍රිතාන්‍ය ජාතික චිත්‍ර ශිල්පී සාචා ජෆ්රි විසින් අඳින ලද මෙම චිත්‍රය නම් කර තිබුණේ ‘ද ජර්නි ඔෆ් හියුමනිටි’ ලෙසිනි.

කොරෝනා වසංගතය ලොවපුරා ව්‍යාප්ත වීමත් සමග රටවල් රැසක් සංචරණ සීමා පැනවිය.

ඒ නිසා බ්‍රිතාන්‍යයට නැවතත් යාමට නොහැකිව සාචා ඩුබායි රාජ්‍යයේ හෝටල් කාමරයක නවාතැන් ගත්තේය.

එසේ හෝටල් කාමරයක කොටුවී සිටි මාස හත පුරා ඔහු විශේෂ කාර්යයක් සඳහා නිරත විය.

ඔහු ඒ සඳහා මේ හෝටලයේ එක් බෝල්රූම් ශාලාවක් මිලදී ගත්තේය.

එමෙන්ම, ඔහු එම ශාලාවේ පොළොව වැසෙන සේ කැන්වස් රෙදි කැබැල්ල ඇතිරුවේය.

ඉන්පසුව, මෙහි තීන්ත බුරුසු එක්දහස් හැට පහක් සහ තීන්ත ලීටර් හයදහස් තුන්සියයක්ද යොදා ගනිමින් විවිධ ආකාරයේ රටා මවා මුළු කැන්වස් රෙදි කැබැල්ලම වැසෙන සේ විවිධ සිතුවම් ඇන්දේය.

එමෙන්ම, මෙම කැන්වසයේ ප්‍රමාණය පාපන්දු පිටි දෙකකට වඩා විශාල බවත් බ්‍රිතාන්‍ය ජාතික චිත්‍ර ශිල්පී සාචා ජෆ්රි කියා තිබුණි.

මෙසේ මාස හතක පුරා ඇඳි සිතුවම කොටස් හැත්තෑවකට කැබලි කර විකිණීමට ඔහු සිතුවේය.

ඒ සඳහා පසුගියදා ඔහු එම හෝටලයේදී සිතුවම් ප්‍රදර්ශනයක් සහ චිත්‍ර වෙන්දේසියක් පැවැත්වූහ.

ඒ මොහොතේදී විශාල ජනකාය දැක ඔහු සිතුවේ අවම වශයෙන් සිතුවම කොටස් කර හෝ විකුණා ඩොලර් මිලියන තිහක්වත් එකතු කර ගැනීමටය.

නමුත්, ඔහුව පුදුමයට පත්කරමින් මේ අය අතර සිටි ඔන්ලයින් මුදල් ඒකක හසුරුවන ව්‍යාපාරයක් ඇති ඩුබායි හි වෙසෙන ප්‍රංශ ජාතික ඇන්ඩ්‍රේ අබ්දූන් විසින් සිතුවමේ එක් කොටසක් නොව මුළු සිතුවම ම මිලදී ගත්තේය.

ඒ ඇමරිකානු ඩොලර් මිලියන හැට තුනකටය.

කෙසේවෙතත්, මාස හතකට අධික කාලයක් වර්ග මීටර් එක්දහස් අටසියයක් පුරා විහිදී යන සේ ඇදී සිතුවමෙන් ඉපැයූ මුදල් ඔහු විසින් සිය පොකැට්ටුවට දමා ගත්තේ නැත.

ඔහු මේ සියලුම මුදල් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලටත්, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වෙනුවෙනුත් සහ සිතුවම් ඇදීමට කැමති වුවත් ඒ සඳහා වියදම් කිරීමට මුදල් නොමැති දරුවන් වෙනුවෙන්ත් පරිත්‍යාග කළේය.

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »