සමාජ මාධ්‍යයෙන් චරිත ඝාතනය කළොත් දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම්

යම් අයකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව අසත්‍ය චෝදනා එල්ල කිරීම සහ චරිත ඝාතනය කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට පත්කිරීම සඳහා නව නීති සැකසෙමින් පවතීන බව සති අග පුවත්පත් වාර්තාකර සිටිනවා.

‘යම් තැනැත්තකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරන අවස්ථාවන්ද ඇතුළුව මානව ගරුත්වයට හානි කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට පත් කිරීම මෙම නව නීති සකස් කිරීමේ අරමුණ වෙනවා’ යැයි මේ පිළිබඳ අදහස් පළ කළ අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියමන්ති පීරිස් සඳහන් කර සිටිනවා.

දණ්ඩ නීති සංග්‍රහයට මෙම සංශෝධන ඇතුළත් කිරීම සඳහා මේ වනවිටත් කෙටුම්පතක් සකස් කර ඇති බවත්, එය සාකච්ඡාවට බඳුන් වෙමින් පවතින බවත් අතිරේක ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

කෙසේ වෙතත් මෙම වරදේ විෂය පථය තවමත් නිශ්චය කර නොමැති අතර, එය පෞද්ගලිකව සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වනවාද, සංවිධානාත්මක හා ද්වේෂ සහගත චරිත ඝාතන සහ මඩගැසීම්වලට එරෙහිව ක්‍රියාත්මක කෙරෙනවාද යන්න තවමත් තීරණය කර නැත.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »