Day: April 4, 2021

සමාජ මාධ්‍යයෙන් චරිත ඝාතනය කළොත් දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම්

යම් අයකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව අසත්‍ය චෝදනා එල්ල කිරීම සහ චරිත ඝාතනය කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට පත්කිරීම සඳහා නව නීති සැකසෙමින් පවතීන බව සති අග පුවත්පත් වාර්තාකර සිටිනවා. ‘යම් තැනැත්තකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරන අවස්ථාවන්ද ඇතුළුව මානව ගරුත්වයට හානි කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට පත් කිරීම මෙම නව නීති සකස් කිරීමේ අරමුණ වෙනවා’ යැයි මේ පිළිබඳ අදහස් පළ කළ අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්

Read More »

ගෑස් කාන්දුවක් නිසා සිඩ්නි ඔපෙරා ශාලාව අසල ජනතාව ඉවත් කරයි

ගෑස් කාන්දුවක් හේතුවෙන් සිඩ්නි ඔපෙරා ශාලාව අවටින් පුද්ගලයන් ඉවත් කර තිබෙනවා. අද පස්වරු 03 ට පමණ එම ස්ථානයට ගිනි නිවීම් කණ්ඩායම් කැඳවීමට සිදුවූ බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් මෙමගින් ඔපෙරා ශාලාවට කිසිදු බලපෑමක් නොමැති බවද ඉතා කුඩා ස්ථානයක ගෑස් කාන්දුව සිදුවී ඇති බවද සඳහන්. පාස්කු නිවාඩුවත් සමග මේ දිනවල සිඩ්නි ඔපෙරා ශාලාව අසල විශාල පිරිසක් නිරතුරුව සිටිනු දක්නට හැකියි.

Read More »

සතුන් සඳහා වන ලොව පළමු කොවිඩ් එන්නත නිපදවයි

සතුන් සඳහා වන ලොව පළමු කොවිඩ් එන්නත නිපදවීමට රුසියාව පියවර ගෙන තිබේ. ඊට රුසියාවේ රාජ්‍ය පශු වෛද්‍ය සේවයේ අනුමැතිය හිමිවිය. ලොව පුරා විවිධ සත්ත්ව විශේෂවලට කොවිඩ් ආසාදනය වීමේ සිදුවීම් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් පර්යේෂකයින් පවසන්නේ මිනිසුන්ට රෝගය පැතිරවීමට සතුන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැති බවය. කෙසේ වෙතත් වෛරසයට නිරාවරණය වීමට වැඩි අවධානමක් තිබීම හේතුවෙන් ඩෙන්මාර්කය ගොවිපොළ රැසක සිටින මින්ක් නම් මුගටි විශේෂයට අයත් මිලියන 17ක් මරා දැමීම දැඩි මතභේදයට තුඩුදුන්නේය.

Read More »

ආසියානුවන්ට අපහාස කල බ්‍රිස්බන් අවන්හලකට වැඩ වරදී

ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන් දෙදෙනෙකුට වර්ගවාදී අයුරින් හඳුන්වන ලද බ්‍රිස්බන් නුවර අවන්හලකට දැඩි දෝෂාරෝපණ එල්ල වී තිබෙනවා. අදාළ පාරිභෝගිකයන් දෙදෙනා විසින් ඇණවුම් කරන ලද ආහාර වට්ටෝරුවේ ඇණවුම් පතේ “two very annoying Asians” ලෙසින් සටහන් කර තිබීම ඊට හේතුවයි. කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට අදාළ අවන්හලේ පාලනාධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. සිද්ධිය පිළබිඳ සමාව අයැද සිටින බවයි ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ.

Read More »

ගිණිකොණ දිග මෙල්බර්න් හිදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරක – නියමුවා මරුට

ගිණිකොණ දිග මෙල්බර්න් හිදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. Koo Wee Rup ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ යානයේ නියමුවා බවට මේ වනවිට තහවුරු අවසන්. weight-shift microlight වර්ගයේ සැහැල්ලු යානයක් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

Read More »