
ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන් දෙදෙනෙකුට වර්ගවාදී අයුරින් හඳුන්වන ලද බ්‍රිස්බන් නුවර අවන්හලකට දැඩි දෝෂාරෝපණ එල්ල වී තිබෙනවා.
අදාළ පාරිභෝගිකයන් දෙදෙනා විසින් ඇණවුම් කරන ලද ආහාර වට්ටෝරුවේ ඇණවුම් පතේ “two very annoying Asians” ලෙසින් සටහන් කර තිබීම ඊට හේතුවයි.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට අදාළ අවන්හලේ පාලනාධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සිද්ධිය පිළබිඳ සමාව අයැද සිටින බවයි ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ.