ගොඩනැගිල්ලක් තුළ අතරමං වෙලාද ? මෙන්න Google Maps වෙතින් විසඳුමක්

නිවාස හෝ ගොඩනැගිල්ලක් තුළදී අතරමංව සිටියදී පවා ඉන් පිටතට පැමිණීමට හැකිවන අයුරින් මාර්ගය සොයා දීමට හැකි නව විශේෂාංගයක් ගූගල් මැප්ස් විසින් හඳුන්වා දී තිබෙනවා.

ගූගල් මැප්ස් ඇප්ලිකේෂනය විසින් ප්‍රකාශයට පත් කර ඇති වෙනස්කම් මාලාවට එයද අයත්.

මේ අනුව ගුවන් තොටුපළකදී – දුම්රිය ස්ථානයකදී හෝ විශාල සාප්පු සංකීර්ණයකදී පවා ඔබ අතරමංව සිටී නම් නිසි ස්ථානයට පැමිණිමට ගූගල් මැප්ස් උපකාර වනු ඇති.

මේ දක්වා ගූගල් මැප්ස් විසින් එම පහසුකම ලබා දී තිබුණේ බාහිර ස්ථාන සඳහා පමණයි.

ඇන්ඩ්‍රොයිඩ් හා යන තාක්ෂණ 02 යටතේම මෙය ක්‍රියාත්මක නමුත් දැනට අත්හදා බැලීමක් ලෙස සිදුකෙරෙන්නේ අමෙරිකාවේ Chicago, Long Island, Los Angeles, Newark, San Francisco, San Jose, Seattle නගරවලදී පමණයි.

මෙම පහසුකම ක්‍රියාත්මක වන්නේ පහත අයුරිනුයි.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »