අගමැති මොරිසන් කැබිනට් මණ්ඩලය සංශෝධනය කරයි

SCOTT MORRISON

ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison කැබිනට් මණ්ඩලය සංශෝධනය කර තිබේ.

නව නීතිපති ලෙස Michaelia Cash පත්කොට ඇති අතර ආරක්ෂක ඇමති ධුරය Peter Dutton හට ලබා දී තිබේ.

Christian Porter සහ Linda Reynolds යන මන්ත්‍රීවරුන්ට ඔවුන් දරමින් සිටි සිය කැබිනට් අමාත්‍ය ධුර අහිමි විය.

Peter Dutton දරමින් සිටි ස්වදේශ කටයුතු ඇමති ධුරය Karen Andrews හට බාරදී ඇත.

Marise Payne මූලික වශයෙන් “කාන්තා අගමැති” බවට පත්වන බව අගමැති මොරිසන් පැවසීය.

අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු හට ස්ත්‍රී දූෂණ චෝදනා මෙන්ම කාන්තාවන් අන්තර්ජාලය ඔස්සේ අපහරණය කළ බවට චෝදනා කිහිපයක් නැගෙන්නට විය.

පීඩන හමුවේ ලිබරල් සන්ධාන රජය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට මෙම කැබිනට් සංශෝධනය සිදුකළ බව අගමැති මොරිසන් පැවසීය.

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

හොංකොං සිට මෙල්බන් පැමිණි යුවළක් කරපු හොර වැඩේ

හොංකොන් සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපල වෙත රහසිගතව ජීවී මත්සයින් 100ක් අවස්ථා දෙකකදී රැගෙන එමට උත්සහ කල යුවළකට දඩ නියම කර තිබෙනවා.

Read More »

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »