පිරිමි උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව වසර 16 කට පසු අලුත් වෙයි

පිරිමි උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව වසර 16 කට පසු බිඳ හෙලීමට 22 හැවිරිදි උෂාන් තිවංක පෙරේරා සමත්වී තිබෙනවා.

ඒ, ඇමරිකාවේ ටෙක්සාස් හි පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර 2.28ක් උස පනිමින්.

2004 වසරේදී මංජුල කුමාර විසින් මීටර 2.27 ක ජාතික වාර්තාව පිහිටවූ අතර, 2005 වසරේදී ඔහු එය යළි සම කිරීමට සමත්වුණා.

පසුගියදා උස පැනීමේ ගෘහස්ථ ශ්‍රී ලංකා වාර්තාවද තමන් සතු කරගත් උෂාන් තිවංක මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »