අන්තර්ජාලය හරහා කාන්තාවන්ට හිරිහැර කිරීමේ චෝදනාවෙන් පසු සංස්කෘතික සංවේදීතා පුහුණුව ලබා ගැනීම සඳහා රාජකාරිවලින් ඉවත් වන බව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩෲ ලැමිං පවසයි.
ඔහු අපහාස කළ බවට කාන්තාවන් දෙදෙනෙක් චෝදනා කළ අතර, එක් අයෙකු සියදිවි නසා ගැනීමට උත්සාහ කල බවද පැවසුවාය.
අගමැති ස්කොට් මොරිසන් ඔහුගේ ලිබරල් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ලැමිං මහතාට “නින්දිත” හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලා සිටින ලෙසද දන්වා තිබේ.
ලැමිං මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී නැත.
එවැන්නක් සිදුවුව හොත් මොරිසන් මහතාගේ සන්ධානයට පාර්ලිමේන්තු බහුතරය අහිමි විය හැකිය.
දේශපාලනය තුළ පවතින චෝදනාවලට හා පුළුල් සංස්කෘතික ගැටලුවලට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් අගමැතිවරයා දැඩි පීඩනයකට මුහුණ දී තිබේ.