සවුදි අරාබි පිරිමින්ට රටවල් හතරකින් කසාද තහනම්

සවුදි අරාබි පිරිමින්ට පකිස්තානය ,බංගලාදේශය, මියන්මාරය සහ චැඩ් යන රටවල කාන්තාවන් විවාහ කර ගැනීම තහනම් කර තිබේ.
දැනටමත් අදාළ රටවල කාන්තාවන් ලක්ෂ පහක් පමණ සෞදි අරාබියේ නේවාසිකව සිටීම මීට අදාළ ප්‍රධාන හේතුව,බව ගල්ෆ් නිවුස් පුවත්පත වාර්තා කරයි.

සෞදි අරාබි පිරිමින් විදෙස් කාන්තාවන් විවාහ කරගැනීම අධෛර්යමත් කිරීම ද මෙම තහනමෙහි තවත් අරමුණක් බව සදහන් වේ.

අධිකරණ අවසරයක් ලබා ගැනීම ඇතුළු නීතිරීති රැසකට යටත්ව විදේශ රටවල කාන්තාවන් විවාහ කරගැනීමට සෞදි අරාබියේ පිරිමින්ට අවස්ථාව ලබාදී තිබේ.

කෙසේවෙතත්, නව තහනම හේතුවෙන් කිසිදු හේතුවක් මත අදාළ රටවල් හතරේ කාන්තාවන් විවාහ කර ගැනීමට සෞදි පිරිමින්ට අවස්ථාව නොලැබෙන බව සදහන් වේ.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »