ඇස්ට්‍රා-සෙනෙකා සුරක්ෂිතයි – අමෙරිකාවත් කියයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත සම්බන්ධයෙන් අමෙරිකාව තුළ සිදුකල අත්හදා බැලීමේ ප්‍රථිඵල නිකුත් කර තිබෙනවා.

ඊට අනුව කොවිඩ් වෛරසය ආසාධනය වීම වළක්වාලීමෙහි ලා එහි සාර්ථකත්වය සියයට 79 ක් ලෙස පවතින අතර අසාධ්‍ය ලෙස රෝගාතුර වීම වැළැක්වීමේ ප්‍රතිශතය සියයට 100 ක් බවයි අනාවරණ වී ඇත්තේ.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ 32 000 කට ආසන්න පිරිසක් මෙම අත්හදා බැලීමේ පරීක්ෂණය සඳහා යොදාගත් අතර ඉන් බහුතරය අමෙරිකා එක්සත් ජනපදයෙන් වුණා.

ඊට අමතරව චිලී සහ පේරු රාජ්‍යයෙන්ද පිරිසක් සහභාගී වී තිබුණා.

මේ වනවිට රටවල් රැසක ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිත කෙරෙන නමුත් අමෙරිකාව තුළ එය මේ දක්වා ආරම්භ නොවුයේ මෙම අත්හදා බැලීමේ ප්‍රථිඵල ලැබෙන තුරුයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »