මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කරමින් දී තිබූ තීන්දුව නිෂ්ප්‍රභයි

එල් ටී ටී ඊ හිතවාදීන් ගොණු කර තිබූ නඩුවකදී එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු අමාත්‍ය උපදේශක මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කරමින් ලබාදී තිබූ තීන්දුව එරට මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා.

2019 දෙසැම්බර් මස 06 දින වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් දී තිබූ නඩු තීන්දුවට අදාලව මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අභියාචනයක් ගොණු කර තිබූ අතර එහි තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරමින් බ්‍රිතාන්‍යය මහාධිකරණය අදාල නඩු තීන්දුව නිෂ්ප්‍රභ කර ඇති බවයි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

2018 පෙබරවාරි 04 දින ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය සමරන අවස්ථාවේදී ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකදී එල්ටීටීඊ හිතවාදීන් වෙත තර්ජනාත්මක අභිනයක් පෑම මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහි චෝදනාව වී තිබුණා.

ඊට අදාල නඩු තීන්දුවට අනුව ඔහුට බ්‍රිතාන්‍යය තුළ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය අහිමි කිරීම ඇතුලූ දඩුවම් කිහිපයක් පැනවීමටයි වෙස්ට්මිනිස්ටර් අධිකරණය 2019 වසරේදී නියෝග කළේ.

කෙසේ වෙතත් ඊයේ දින බ්‍රිතාන්‍යය මහාධිකරණය දුන් අභියාචනා තීන්දුවට අනුව ප්‍රියංක ප්‍රනාන්දු මහතා සියඵම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ අතර අභියාචනය වෙනුවෙන් ඔහු වෙත නඩු ගාස්තු ගෙවන ලෙස චූදිත පාර්ශවය වූ එල් ටී ටී ඊ හිතවාදීන් කණ්ඩායමට නියම කෙරුණා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »