ඩොලරය රු 200 පනී – ඔස්ට්‍රේලියාවේ සිට මව්බිමට සල්ලි යවන ඔබට පණිවිඩයක්

MONEY ECONOMY

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.06 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනෙහි දක්වා ඇත.

මෙහිදී ගැනුම් මිල රු. 195.28 ක් ලෙසින් වාර්තා වේ.

මේ අතර ලංකා බැංකුවට අනුව ඊයේ දින ඩොලරයක විකුණුම් මිල රු. 201.28 කි.

එසේම ආනයන සඳහා ඩොලරයක විකුණුම් මිල රු. 202.14 ක් ලෙසින්, ලංකා බැංකු නිල වෙබ් අඩවියෙහි සඳහන් වේ.

කෙසේ වෙතත් මහජන බැංකුවට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 205.98 ක් ලෙසින් දැක්වේ.

මීට අමතරව ජාතික ඉතිරි කිරීමේ බැංකුව රු. 200.50 ක්, සම්පත් බැංකුව රු. 201.00 ක්, කොමර්ෂල් බැංකුව රු. 201.50 ක් ආදී වශයෙන් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මීට පෙර 2020 අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ දී පමණක් ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු ඩොලර් – සිංගප්පූරු ඩොලර් ආදී මුදල් ඒකක ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එතරම් වැඩිවීමක් පෙන්නුම් කර නැහැ.

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් මේ අවස්ථාව මගහරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් Clyde North අවට ජනතාවට දුරකථන සංඥා ගැන පොරොන්දුවක්

වසර ගණනාවක සිට දුර්වල ජංගම දුරකථන සංඥා හේතුවෙන් අපහසුතාවන්ට පත්ව සිටි මෙල්බන් අවට ජනතාවට දුරකථන කුළුණක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

Read More »