NSW හි මත්පැන් ශාලා අද සිට නැවතත් විවෘත කිරීමට අවසර

නිව් සවුත් වේල්ස් හි මත්පැන් ශාලා අද සිට නැවතත් විවෘත කිරීමට අවසර දී තිබෙනවා.

ඒ අදට යෙදී ඇති ශාන්ත පැටි්‍රක් දින සැමරුමට සමගාමීවයි.

කෙසේවෙතත් සිඩ්නි නුවර සොෆිටෙල් හෝටලයේ ආරක්ෂකයෙකුට කොවිඩ් වෛරසය වැළඳීමත් සමග එහි හටගත් අවධානම මෙතෙක් පහව ගොස් නැහැ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් එලෙස කොරෝනා ආසාධිතයෙකු හමුවූයේ දින 55 කට පසුවයි.

ඉදිරි සති 03 තුළ නිව් සවුත් වේල්ස් හි අමතර 45 000 ක් දෙනාට කොවිඩ් මර්දන එන්නත ලබාදීමටද සැළසුම් කර තිබෙනවා.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »