අපජලයේ කොරෝනා වයිරස් කොටස් හමු වීමත් සමඟ මෙල්බර්න් නගරාසන්නයේ Box Hill සහ​ Werribee ඇතුළු ප්‍රදේශ 14කට අනතුරු ඇඟවීම්!

වික්ටෝරියානු ප්‍රාන්තයේ දින 17 ක් තුළ දේශීය වශයෙන් කොරෝනා ආසාදිතයින් කිසිවෙකු වාර්තා නොවූවද​ මෙල්බර්න් නගරාසන්න ප්‍රදේශවල අපජල සාම්පලවල COVID-19 වයිරස් කොටස් සොයාගෙන ඇත.

වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉතාම මෘදු රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු විශේෂයෙන් මාර්තු 9 සිට 11 දක්වා කාලය තුල​ පහත දක්වා ඇති ප්‍රදේශවලට ගොස් තිබේ නම්  කොරෝනා පරීක්ෂාව සිදු කර ගන්නා ලෙසයි.

ලැයිස්තුවේ තදාසන්න ප්‍රදේශ 14 ක් ඇත.

  • Laverton
  • Laverton North
  • Werribee (Werribee ගඟට නැගෙනහිරින්)
  • Balwyn North
  • Blackburn North
  • Box Hill North
  • Bulleen
  • Doncaster
  • Doncaster East
  • Donvale
  • Mitcham
  • Mont Albert North
  • Nunawading
  • Sunbury (මාර්තු 7 සිට 11 දක්වා නැගෙනහිර නොවන ප්‍රදේශය)

ලැයිස්තුගත කර ඇති දිනයන්හි මෙම ප්‍රදේශවලට ගිය ඕනෑම අයෙකුට COVID-19 රෝග ලක්ෂණ ඇත්නම් වහාම කොරෝනා පරීක්‍ෂණයක් සිදු කරන ලෙසට ඉල්ලා සිටී.

 

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »