JobKeeper සහනය අවසන් වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ බොහෝ පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක්!

ආර්ථික විද්‍යාඥයින් පවසන පරිදි මෙම මාසය අවසානයේදී JobKeeper වැටුප් සහනාධාරය අවසන් වන විට ඕස්ට්‍රේලියානුවන් 110,000 කට පමණ රැකියා අහිමිවිය හැකිය.

පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකු විශේෂඥයින් පවසන්නේ සංචාරක, නවාතැන්, ප්‍රවාහන, කලා සහ විනෝදාස්වාදය වැනි කොරෝනා වසංගතයෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වූ කර්මාන්තවල සේවකයින් සේවයෙන් නෙරපා හැරීමේ අවදානම වැඩි බවයි.

කොරෝනා වසංගතයේ ආරම්භයේදීම JobKeeper වැටුප් සහනාධාරය ගෙන එන ලද අතර මුලින් කම්කරුවන්ට ඩොලර් 1500 ක් දක්වා සති දෙකක වැටුප් අතිරේකයක් ලබා දෙන ලදී. පසුව එය දෙසතියකට ඩොලර් 1,000 දක්වා අඩු කරන ලද අතර එය මාර්තු 31 වන දිනෙන් අවසන් වේ. වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික පසුබෑමේ දී සිදුවන අතිරික්තයන් වැළැක්වීම සඳහා කම්කරුවන් තම සේවායෝජකයා සමඟ සම්බන්ධ කර තබා ගැනීම සඳහා මෙම යෝජනා ක්‍රමය සැලසුම් කර තිබුණි.

නමුත් මේ වන විට ඕස්ට්‍රේලියානු ආර්ථිකය සුවිශේෂී ලෙස වර්ධනය වෙමින් පවතින අතර රැකියා වෙළඳපොළට රැකියා සොයන පුද්ගලයින්ගේ පැමිණීම නිසා මෙම JobKeeper දීමනාව නැවැත්වූවත් එහි බලපෑම සීමා සහිත වන බව සඳහන් වේ.

කොරෝනා වසංගතයේ බලපෑමට ලක් වූ අංශ සඳහා මාර්තු මාසයෙන් ඔබ්බට තවදුරටත් ආධාරක පියවර රජය විසින් ප්‍රකාශයට පත් කරන බව භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් පවසයි. මෙම සහනදායී පියවර පිළිබඳව​ මාර්තු මාසය අවසන් වීමට පෙර අනාවරණය කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්.

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »