හෙලෝ ෆ්‍රෙෂ් ආහාර බෙදා දීමේ සේවකයෙකු සිදු කල අනපේක්‍ෂිත ක්‍රියාවක් කැමරාවක සටහන් වූ අයුරු!

හෙලෝ ෆ්‍රෙෂ් හි ආහාර බෙදා දීමේ සේවකයෙකු විසින් සිදු කරන ලද නිර්ලජ්ජිත ක්‍රියාවක් සම්බන්ධයෙන් පසුගිය සතියේ ෆේස්බුක් මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය විය​.

මෙම ආහාර බෙදා දීමේ සේවකයා විසින් බ්‍රිස්බේන් හි පිහිටි නිවසකට ආහාර ලබා දීමේදී නිවස ඉදිරිපිට ආහාර පාර්සලය තබා එම පාර්සලය ලබා දුන් බවට සහතික කිරීම සඳහා අවශ්‍ය ඡායාරූපය රැගෙන නැවත ඔහු එම පාර්සලය රැගෙන යන අයුරු එම නිවසේ ආරක්‍ෂිත කැමරාවට හසු වූ වීඩියෝව මාධ්‍ය ඔස්සේ පල විය​.

ක්වීන්ස්ලන්ත පොලිසිය තහවුරු කළේ සිද්ධිය පොලීසියට වාර්තා වී ඇති අතර පරීක්ෂණ දිගටම කරගෙන යන බවයි.

හෙලෝ ෆ්‍රෙෂ් ප්‍රකාශකයෙකු තහවුරු කළේ මේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන බවත් වන්දි ගෙවීම සඳහා පාරිභෝගිකයා සමඟ සෘජුවම සම්බන්ධ වී ඇති බවත්ය.

(7News)

 

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »