මෙල්බන් හි පිහිටි කර්මාන්තශාලා දෙකක විශාල ගින්නක්! එයින් හට ගත් දුමාරයෙන් ආරක්‍ෂාවීමට ප්‍රදේශ 8කට දැනුම් දේ.

අද​(4/3) අලුයම 12.40 ට Cheltenham හි Age වීදියේ යාබද කර්මාන්තශාලා දෙකක ඇති වූ විශාල ගින්නක් සාර්ථකව මැඩ පැවැත්වීමට ගිනි නිවන භටයින් සමත් වී ඇති අතර එම ප්‍රදේශය අවට සිටින ජනතාවට​ අහිතකර දුම ආඝ්‍රහණයෙන් වැළකීමට උපදෙස් දී තිබේ.

ගිනි නිවන භටයන් ගින්න මීටර් 60 ක් පමණ​ උස බවත් බාහිර බිත්ති සමහරක් කඩා වැටී ඇති බවත් සොයා ගත්හ. අලුයම 4 ට පෙර ගින්න පාලනය කර ඇති නමුත් තදාසන්න ප්‍රදේශ අටක් සඳහා එයින් හටගත් දුමාරය පිළිබඳව​ උපදෙස් නිකුත් කර ඇත. ඒවා නම් Bentleigh East, Cheltenham, Claringa, Heatherton, Highett, Moorabbin, Moorabbin East සහ Oakleigh South යන ප්‍රදේශයි.  මෙම ප්‍රදේශයන් හි වෙසෙන ජනතාවට උපදෙස් දී ඇත්තේ තම නිවෙස්වල ජනේල සහ දොරවල් වසා තබන ලෙසටයි. 

මෙම ගින්න හේතුවෙන් Herald Street, Age Street, Mills Street, Timms Street, Bernard Street, Keys Road සහ Warrigal Road වසා දමා ඇත. ගින්නට හේතුව තවමත් නිශ්චය කර නොමැත.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »