ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වයස්ගත පුද්ගලයින් දෙදෙනෙකුට වැරදි ලෙස කොරෝනා එන්නත් ලබා දුන් බවට වාර්තා වේ.

ඊයේ COVID-19 ෆයිසර් එන්නත බ්‍රිස්බේන් හි වයස්ගත සත්කාරක නිවාසයක සිටින දෙදෙනෙකුට වැරදි ලෙස ලබා දී ඇති බවට වාර්තා වේ. ඒ 88 හැවිරිදි පුරුෂයෙකුට සහ 94 හැවිරිදි කාන්තාවකට යි.

මාත්‍රාව කොපමණ ප්‍රමාණයක් ලබා දී ඇත්දැයි ඇසූ විට ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ නිර්දේශිත මාත්‍රාව මෙන් හතර ගුණයක් ලබා දී ඇති බවට වාර්තා වී ඇති නමුත් එය තවමත් විමර්ශනය කරමින් පවතින බවයි.

මෙලෙස​ නිර්දේශිත මාත්‍රාවට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දුන් වෛද්‍යවරයා අවශ්‍ය එන්නත් පුහුණුව සම්පූර්ණ කර නොතිබුණු බවට සඳහන්.

ක්වීන්ස්ලන්තයේ වයස්ගත සත්කාරක නිවැසියන්ට එන්නත ලබා දීම සම්බන්ධයෙන් වගකිව යුතු HealthCare Australia පැවසුවේ සියලුම සෞඛ්‍ය වෘත්තිකයන් ඕස්ට්‍රේලියානු හෙද විද්‍යාලය හරහා ලබා දෙන පුහුණුව සම්පූර්ණ කර ඇති බවයි.

කෙසේ වෙතත්, ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පාර්ලිමේන්තුවට පැවසුවේ HealthCare Australia මේ වන විට සිය උපදෙස් සංශෝධනය කර ඇති අතර වෛද්‍යවරයා අවශ්‍ය පුහුණුව සම්පූර්ණ කර නොමැති බවයි.

වැරදි මාත්‍රාව ලබා දුන් වෛද්‍යවරයා  එන්නත වැඩසටහනෙන් ඉවත් වී ඇත.

 

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »