Facebook සමාගම විසින් ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වලට පැනවූ තහනම ඉවත් කරගැනීමට සැරසේ!

Facebook විසින් ඔවුන්ගේ ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවීමට​ බල කරන යෝජිත මාධ්‍ය නීති කේතය​ සංශෝධනය කිරීමට ඕස්ට්‍රේලියානු රජය එකඟ වීමෙන් පසු Facebook තම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රවෘත්ති බෙදා හැරීමට ඉඩ සලසන බවට ප්‍රකාශ කර ඇත​.

ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති Facebook ඔස්සේ share කරගැනීම Facebook සමාගම විසින් පසුගිය බ්‍රහස්පතින්දා (18/02) උදෑසන සිට අවහිර කළේය.

භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් සහ Facebook අධිපති මාර්ක් සකර්බර්ග් අතර සාකච්ඡා දිගින් දිගටම පැවැත්වූ අතර මේ සාකච්ඡාවන් වල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එකඟතාවයකට එළඹී ඇති බව සඳහන් වේ.

මාර්ක් සකර්බර්ග් වසා දැමූ Facebook පිටු නැවත ප්‍රතිස්ථාපනය කිරීමට Facebook සමාගම ඉදිරියේදී කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇත​.

Facebook ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමාගමට රජය සමඟ එකඟතාවකට පැමිණීමට හැකිවීම සතුටට කරුණක් බවයි.

Facebook සමාගමේ උප සභාපති කැම්ප්බෙල් බ්‍රවුන් පැවසුවේ අනාගතයේදී ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති අන්තර්ගතයන් පිළිබඳ අයිතිය Facebook සතු බවයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »