ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීම අද ඇරඹේ! ඕස්ට්‍රේලියානු අගමැති එන්නත ලබා ගැනීමේ ප්‍රථමයා වේ!

ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීම අද ඇරඹේ! ඕස්ට්‍රේලියානු අගමැති එන්නත ලබා ගැනීමේ ප්‍රථමයා වේ!

අද ෆයිසර් එන්නත ලබා ගැනීමට බලාපොරොත්තුවන  ඕස්ට්‍රේලියානුවන් අතර අගමැති Scott Morrison සිටින බව සෞඛ්‍ය අමාත්‍යවරයා අනාවරණය කරයි.

ඕස්ට්‍රේලියාවේ පළමු COVID-19 එන්නත තව පැය කිහිපයක් ඇතුලත ලබා දීම ආරම්භ කෙරෙනු ඇත​.

ඕස්ට්‍රේලියාවේ ෆයිසර් එන්නත ලබාගන්නා ප්‍රථම පුද්ගලයින් ලෙස අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මහාචාර්ය පෝල් කෙලීවනු ඇතැයි සඳහන් වේ. තවද​, වයස්ගත සත්කාරක පුද්ගලයින් දෙදෙනෙකු සහ වයස්ගත සත්කාරක කාර්ය මණ්ඩලය සහ  සේවකයින් සුළු පිරිසක් ද මේ අතරට එක් වේ.

පළමු ෆයිසර් කොරෝනා එන්නත් ලබා දීම​ හෙට ආරම්භ කිරීමට නිල වශයෙන් සැලසුම් කර තිබූ නමුත් හන්ට් පැවසුවේ මෙය දිනකින් ඉදිරියට ගෙන ආ බවයි.

කොරෝනා එන්නත් පිළිබඳව මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා එන්නත ලබා ගැනීම සඳහා නායකත්වය දීමට තීරණය කළ බව අග්‍රාමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

ඉදිරි දින කිහිපය තුළ මෙම එන්නත ලබා ගැනීම සඳහා විපක්ෂ නායකවරයාට, විපක්ෂයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකුට සහ Greens නායක ඇඩම් බෑන්ඩ්ට ද ආරාධනා කර ඇති බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »