මෙවර IPL තරඟාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට හිමි වූ තැන්!

IPL ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියර සදහා ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී ඊයේ පැවත් වුණා.

පසුගිය IPL තරගාවලියන් වලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මිලදී ගැනීමට කණ්ඩායම් ඉදිරිපත් වුවත් මෙවර එකම ක්‍රීඩකයෙකු හෝ මිලට නොගැනීම විශේෂත්වයක්.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 09 දෙනෙකු ඉදිරිපත් කෙරෙන බවට ප්‍රකාශ කර තිබුණත් ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉකුත් වසරේ IPL තරගාවලියේදී රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කළ ඉසුරු උදානයි. කෙසේ වෙතත් මෙවර IPL ක්‍රිකට් තරගාවලියට එක් වන කිසිදු කණ්ඩායමක් ඔවුන්ගෙන් කිසිවෙකුත් මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »