ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකුගේ දියණියක් බ්‍රිතාන්‍ය මැතිවරණයට ඉදිරිපත් වේ.

ශ්‍රී ලංකා ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. ඒම්. මුසම්මිල් ගේ දියණිය වන ෂස්නා මුසම්මිල් බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් කවුන්සිලය සඳහා කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් මාර්තු 6 වැනිදා පැවැත්වෙන මැතිවරණයට අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්ව සිටී.

එංගලන්තයේ මිල්ටන් කේන්ස් ප්‍රදේශයේ පදිංචි ෂස්නා, එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් MBA උපාධිය හා එරට විවෘත විශ්ව විද්‍යාලෙයන් MSc. වර්ධන කළමනාකරණ උපාධිය හදාරා තිබේ.

ඇය ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන රැසක සමාජ සේවිකාවක ලෙස ද කටයුතු කර ඇති අතර වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම හා පදිංචිය සඳහා බ්‍රිතාන්‍යට ගිය ඇය විශ්ව විද්‍යාල කීපයක අධ්‍යාපනය හදාරනු ලැබ තිබෙනවා.

පසුව සමාජ සේවා කටයුතුවල නිරතව සිටින අතරතුර ඇය බ්‍රිතාන්‍යය මැතිවරණය සඳහා අපේක්ෂිකාවක් ලෙස ඉදිපත්ව සිටියි.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »