ෆයිසර් කොරෝනා එන්නත් රැගත් නැව තව දින කිහිපයකින් ඕස්ට්‍රේලියාවට ළඟා වේ.

PFIZER

ෆයිසර් කොරෝනා වයිරස් එන්නත් රැගත් පළමු නැව්ගත කිරීම මේ සතියේ ඕස්ට්‍රේලියාවට ළඟා වීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියා සිටියේ ෆයිසර් එන්නත් මාත්‍රාවන් 80,000 ක් පමණ මෙම නැව්ගත කිරීම ඔස්සේ ඕස්ට්‍රේලියාවට ලැබීමට නියමිත බවයි.

තවදුරටත් ඔහු අදහස් දක්වමින් පවසා සිටියේ මෙම එන්නත් එළඹෙන සතියේ අවසානයට පෙර ඕස්ට්‍රේලියාව වෙත පැමිණෙන බවයි. මෙම එන්නත් භාවිතයට පෙර චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනය(TGA) විසින් ආරක්ෂක පරීක්ෂාවන් සිදුකරන බව ඔහු පැවසීය​.

මෙම කොරෝනා එන්නත් බෙදා දීමේ පළමු අදියර මේ මස අවසාන භාගයේදී ආරම්භ වීමට නියමිත අතර සියලු ප්‍රාන්තයන් සහ රජය දැඩි අධීක්‍ෂණයක් ඒ පිළිබඳව සිදු කිරීමට කටයුතු සලසා ඇත​.

දේශසීමා හා නිරෝධායන සේවකයින්, සෞඛ්‍ය සේවකයින්, වයස්ගත සත්කාරක සහ කාර්ය මණ්ඩල, ආබාධිත පුද්ගලයින් සහ කාර්ය මණ්ඩලය සඳහා මෙම ෆයිසර් එන්නත් පළමුව ලබා දීමට කටයුතු සලසා ඇත​.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »