වික්ටෝරියානු ප්‍රාන්තය නැවතත් Stage 4 Lockdown තත්වයට පත්වෙද්දී පැනවූ නීති මෙන්න​.

අද දින දහවල් හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews තහවුරු කළේ එක්සත් රාජධානියේ වික්‍රියා පිළිබඳ තවත් සිද්ධීන් ප්‍රජාව තුළ තිබිය හැකි බවට විශ්වාස කරන හෙයින් නැවතත් lockdown තත්වයක් පනවා ඇත​.

මේ අනුව​, සිකුරාදා රාත්‍රී 11.59 සිට දින පහක් දක්වා වික්ටෝරියානුවන්ට නිවසින් පිටවීමට අවසර ලැබෙන්නේ පහත දැක්වෙන​ අත්‍යවශ්‍ය හේතු හතරෙන් එකක් සඳහා පමණි.

රැකියා සඳහා,ආහාර සහ සැපයුම් ලබා ගැනීමට​, ව්‍යායාම සඳහා සහ රැකබලා ගැනීම් සඳහා

දිනකට පැය දෙකක් ව්‍යායාම කිරීමට ඉඩ ලබා දෙන අතර කිලෝමීටර් පහේ සීමාව නැවත ක්‍රියාත්මක කෙරේ. මෙයින් අදහස් කරන්නේ නිවැසියන්ට සාප්පු යෑමට හැකි වන්නේ ඔවුන්ගේ නිවෙස්වලින් කිලෝමීටර් පහක් ඇතුළත බවයි.

සියලු පාසල් වසා දැමෙන අතර නිවෙස් වලට අමුත්තන් පැමිණීම තහනම් කෙරේ. තවද, මිනිසුන් තම නිවෙස්වලින් පිටවන සෑම විටම මුහුණු ආවරණ අනිවාර්ය වේ. ළමා සුරැකුම් මධ්‍යස්ථාන සහ​ පෙර පාසල් විවෘත ව පවතී.

ආපනශාලාවලින් ආහාර රැගෙන යාමට (takeaway) පමණක් සීමා කෙරේ.

මෙම තත්වය දින 5ක් පුරාවට පවතින අතර බදාදා රාත්‍රී 11.59 ට අවසන් වේ.

ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් මේ අවස්ථාව මගහරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් අවට ජනතාවට දුරකථන සංඥා ගැන පොරොන්දුවක්

වසර ගණනාවක සිට දුර්වල ජංගම දුරකථන සංඥා හේතුවෙන් අපහසුතාවන්ට පත්ව සිටි මෙල්බන් අවට ජනතාවට දුරකථන කුළුණක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න වීසා ගන්න බලාගෙන ඉන්න අයට උපදෙසක්

ඔස්ට්‍රේලියානුවන්ට මාර්ගගත වීසා වංචාවලින් ප්‍රවේශම් වන ලෙස උපදෙස් මාලාවක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

Read More »

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »