වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වෙද්දී බැංකු දෙකක් නවතම කොරෝනා නිරාවරණ ස්ථානයන් අතරට!

අද දින මෙල්බන් හොලිඩේ ඉන් හෝටලය ආශ්‍රිතව තවත් දේශීය කොරෝනා සිද්ධීන් 2ක් වාර්තා වන අතර මේ වන විට මෙම හෝටලය හා සම්බන්ධ කොරෝනා ආසාදිතයින් ගණන 10 දක්වා වර්ධනය වී ඇත​.

මෙලෙස අද දින වාර්තා වී ඇති ආසාදිතයින් දෙදෙනාම කලින් හඳුනා ගත් COVID ආසාදිත හොටල් සේවකයෙකුගේ ගෘහස්ථ සම්බන්ධතාවන් ලෙස හඳුනා ගෙන ඇත​.

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හා සම්බන්ධ අනාවරණ ස්ථාන ලැයිස්තුව අතරේ පහත සඳහන් ග්ලෙන් වෙවර්ලි බැංකු ශාඛාවන් දෙකද ඇතුලත් කර ඇත​.

  • Commonwealth Bank, Glen Waverley පෙබරවාරි 9 වන දින දහවල් 1.30 ත් 2.45 ත් අතර.
  • HSBC Bank in Glen Waverley පෙබරවාරි 9 වන දින පස්වරු 2.15 ත් 3.30 ත් අතර.

නවතම​ නිරාවරණ ස්ථාන හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »