ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත පොලිසිය සහ ෆෙඩරල් පොලිසිය ගත වූ සතිය තුළ වයස අවුරුදු 14 ත් 17 ත් අතර බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ දේවස්ථානයේ පිහි ඇනුමේ ප්‍රධාන සැකකරු සමග සම්බන්ධයක් ඇති බවට හෙළිවීමෙන් පසුවයි.

මෙම සැකකරුවන් සියලු දෙනාම ආගමික අන්තවාදී මතවාදයක දායක බවටයි පොලිසිය චෝදනා කර ඇත්තේ.

මෙම අත්අඩංගුවට ගැනීම්වලදී සැලකිය යුතු තහනම් භාණ්ඩ ප්‍රමාණයක් ඇතුළුව භාණ්ඩ ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රාන්ත පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඊයේ අත්අඩංගුවට ගත් 15 හැවිරිදි සැකකරු හෙට ළමා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට ඇප ලබාදීම ද ප්‍රතික්ෂේප කෙරුණා.

මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් නව යොවුන් වියේ පසුවන තරුණයින් හත් දෙනාගෙන් හය දෙනෙකුට විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත පොලිසිය, ෆෙඩරල් පොලිසිය, ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය සහ අපරාධ කොමිසමේ සාමාජිකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී කණ්ඩායමක් විසිනුයි විමර්ශන සිදු කරනු ලබන්නේ.

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »