ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙසටයි.

http://www.srilankaevisa.lk වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර වීසා ලබා දීම වෙනුවෙන් මුදල් ලබා ගැනීමේ වංචනික ක්‍රියා සිදුවන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

මෙම අනවසර වෙබ් අඩවි තුලින් වීසා අයදුම්කරුවන් වංචාවලට ගොදුරු වීම පිළිබඳව කනස්සල්ලක් මතුව ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පසුගිය 17 වනදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය හා මාර්ග ගත ක්‍රමවේදය ආරම්භ කරනු ලැබුවේ සංචාරකයන්ගේ පහසුව ඉලක්ක කර ගනිමින්.

ඒ සමග මතුවූ මෙම ගැටළුව විසඳීම සඳහා www.immigration.gov.lk හි නිල මුල් පිටුව හරහා පමණක් මාර්ග ගත වීසා බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගනුදෙනු සහතික කිරීම සඳහා වෙබ් අඩවියේ නම් කර ඇති ඊ-වීසා සබැඳිය පමණක් භාවිතා කරන ලෙසටයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »