මෙල්බන් Highpoint සාප්පු මධ්‍යස්ථානයේ තවත් පිහි ඇනුමක්

මෙල්බර්න්හි හයිපොයින්ට් සාප්පු මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් බාල වයස්කරුවෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සතියකටත් අඩු කාලයකදී එම සාප්පු මධ්‍යස්ථානයේ සිදුවූ දෙවන පිහි ඇනුම මෙය ලෙසටයි සැලකෙන්නේ.

පොලිසිය පැවසුවේ, ඊයේ පස්වරු 6.10ට පමණ වෙළෙඳ මධ්‍යස්ථානය තුළ පිහිටි සිනමා සංකීර්ණය අසල පිරිමි පුද්ගලයින් හය දෙනෙකු අතර ආරවුලක් සිදුවී ඇති බවයි.

සෙන්ට් ඇල්බන්ස්හි පදිංචි 18 හැවිරිදි තරුණයෙකු පිහියෙන් ඇන ඇතැයි සැක කෙරෙන තුවාලයක් සහිතව රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයේදීම අවුරුදු 17ක සහ 18ක තරුණයන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

චේතනාන්විතව බරපතල තුවාල සිදුකිරීම, ආයුධයකින් පහරදීම සහ ආයුධයක් ළඟ තබාගැනීම යන චෝදනා 17 හැවිරිදි තරුණයාට එල්ල වී තිබෙනවා.

අදාළ චෝදනා මත ඔහු ළමා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් අනෙක් තරුණයින් දෙදෙනා ඇප මත මුදා හැර ඇති අතර ගැටුමට සම්බන්ධ පුද්ගලයන් එකිනෙකා හඳුනන අය බවට පොලිසිය විශ්වාස කරනවා.

පසුගිය ඉරිදා සවස 2:30ට පමණ මෙම සාප්පු මධ්‍යස්ථානයේ අවන්හලක් තුළ ඇති වූ ගැටුමකින් 19 හැවිරිදි තරුණයෙකු පිහි ඇනුම් තුවාල සහිතව බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර තිබුණා.

එම සිද්ධියට අදාළව 19 හැවිරිදි තරුණයෙකු පසුගිය අඟහරුවාදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »