ඔස්ට්‍රේලියාව තුළ ට්විටර් අවහිර කිරීමේ අවදානමක්

ෆෙඩරල් අධිකරණයේ නියෝගයන්ට අනුකූලව කටයුතු නොකළ හොත් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්ට්‍රේලියාව තුළ අවහිර කිරීමේ අවදානමක් මතුවී තිබෙනවා.

විචාරකයන් පෙන්වා දෙන්නේ ඩොලර් 45ක් වැනි සුළු මුදලකට නිමක් නැති ශබ්ද ප්‍රවාහයක් මිස අන් කිසිවක් නිර්මාණය නොකරන උපකරණයක් ට්විටර් හේතුවෙන් ජනතාව සතුවී ඇති බවයි.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ වීඩියෝ ට්විටර් වෙතින් ඉවත් කරන ලෙසට ඊ සේෆ්ටි කොමසාරිස්වරිය මෙන්ම ෆෙඩරල් අධිකරණය කළ නියෝග නොසලකා හැරීම හේතුවෙන් මෙලෙස එම සමාජ මාධ්‍ය තුළ තහනම් කිරීමේ කතාබහක් මතුවී තිබෙනවා.

ඇතැම් සෙනෙට් සභිකයන් ද මේ වන විටත් තම පෞද්ගලික ට්විටර් ගිණුම් මකා දමා ඇතැයි සඳහන්.

පසුගිය වසරේ ජූනි මාසයේදී මෙන්ම ඔක්තෝබර් මාසයේදී ද ඔස්ට්‍රේලියානු අධිකරණ මගින් විවිධ කරුණු මත ට්විටර් සමාගමට නිකුත් කෙරුණු අධිකරණ නියෝග ඔවුන් නොසලකා හැර ඇති අතර දඩ ගෙවීමක් ද සිදු කර තිබුණේ නැහැ.

ඔස්ට්‍රේලියා ෆෙඩරල් අධිකරණයේ පමණක් ට්විටර් සමාගම සහ ඊ සේෆ්ටි කොමසාරිස් අතර නීතිමය කරුණු තුනක් සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතිනවා.

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර කරන සමාගම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු උසාවිවලට අධිකරණ බලය ඇති බැවින් ට්විටර් තහනම් කිරීමට හැකි බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව පසුගිය මාස 12 පුරාවට නිකුත් කෙරුණු අධිකරණ නියෝග එකක් හෝ කිහිපයක් සමග අනුකූලව කටයුතු නොකළේ නම් ට්විටර් රට තුළ තහනම් කිරීමට eSafety කොමසාරිස්වරිය හට බලතල පවතිනවා.

එලෙස තහනම් කළහොත් නව පරිශීලකයින්ට ට්විටර් App එක බාගත කිරීමට නොහැකි වනු ඇති අතර දැනටමත් භාවිත කරන පරිශීලකයින්ට Update කිරීම් ලැබීම නතර කෙරෙනු ඇති.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »